counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


වෙඩි තබා­ගෙන මියගිය ඇහැ­ළි­ය­ගොඩ OICට අන්තිම ඇම­තුම දුන් කත

රාජ­කාරි ගිනි අවි­යෙන් වෙඩි තබා­ගෙන සිය­දිවි හානි කර­ගත් ඇහැ­ළි­ය­ගොඩ පොලි­සියේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යාගේ මර­ණය ඇතුළු සිද්ධි ගණ­නා­ව­කට සම්බන්ධ බවට සැක කෙරෙන 35 හැවි­රිදි කාන්තා­වක මහ­නු­වර පොලි­සියේ කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය මඟින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබ තිබේ.

ඇහැ­ළි­ය­ගොඩ පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා පසු­ගිය වසරේ ඔක්තෝ­බර් 21 දින සිය නිල නිවෙ­සේදී රාජ­කාරි පිස්තෝ­ල­යෙන් වෙඩි තබා­ගෙන මිය යෑමට පෙර ඔහුගේ ජංගම දුර­ක­ත­න­යට අව­සන් වරට ඇම­තු­මක් ලැබී ඇත්තේ සැක­කාර කාන්තා­වගේ දුර­ක­ත­න­යෙන් බවට විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත. මේ කාන්තාව ජංගම දුර­ක­තන දෙකක් භාවිත කර­මින් කප්පම් ඉල්ලා මරණ තර්ජ­නය කොට සකස් කරන ලද ලිපි­යක් එක් දුර­ක­ත­න­ය­කින් අනෙක් එකට යොමු කර පොලි­සි­යට ඉදි­රි­පත් කර තිබෙන බව පරී­ක්ෂණ මගින් හෙළිව තිබේ.

අදාළ පැමි­ණිලි සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු වද්දී ඉහළ පොලිස් නිල­ධා­රීන් හා සමීප සම්බ­න්ධතා ගොඩ­න­ඟා­ග­නි­මින් ඔවුන්ගේ ඡයා­රූප හා වීඩියෝ දර්ශන ජංගම දුර­ක­ත­න­යට ගෙන්වා­ගෙන තිබෙන මේ කාන්තාව පසුව ඒවා උප­යෝගි කර­ග­නි­මින් ඔවු­න්ගෙන් රුපි­යල් ලක්ෂ ගණ­නින් කප්පම් මුදල් ගෙන තිබෙන බවට පොලිස් පරී­ක්ෂණ මඟින් අනා­ව­ර­ණය වී ඇත.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ලලිත් පති­නා­යක මහ­තාගේ විද්යුත් තැපෑ­ල­ටද ඒ ආකා­රයේ පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර ඇත. ඒ සම්බ­න්ධ­යෙන් රාජ්‍ය බුද්ධි කොට්ඨා­සය යොදවා කළ විම­ර්ශ­න­ය­කදී එය ව්‍යාජ පැමි­ණි­ල්ලක් බව තහ­වුරු වීමෙන් පසු සිදු කළ පොලිස් විම­ර්ශ­න­ව­ලින් අන­තු­රුව එම කාන්තාව අත්අ­ඩං­ගු­වට ගත් බව පොලී­සිය පව­සයි.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාගේ විද්යුත් ලිපි­න­යට යොමු කළ පැමි­ණිල්ලේ කාන්තාව පේරා­දෙ­ණිය හිඳ­ගල ප්‍රදේ­ශයේ ලිපි­න­යක් සඳ­හන් කොට තිබු­ණද එය ව්‍යාජ එකක් බව බුද්ධි නිල­ධා­රීන් තහ­වුරු කර­ගෙන ඇත. පසුව ඒ පිළි­බ­ඳව පරී­ක්ෂණ මහ­නු­වර කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­ක­යට භාරදී තිබේ. ඇයගේ ජංගම දුර­ක­තන අංකය ඔස්සේ පරී­ක්ෂණ සිදු කර කැකි­රාව තලාව ප්‍රදේ­ශයේ දී සැක­කා­රිය අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලි­සිය සමත්ව තිබේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x