counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


මහියංගණය – වේරගංතොට මහවැලි පාලමෙන් තරුණියක් පනී

මහියංගණය – මහනුවර මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති වේරගංතොට මහවැලි පාලමෙන් තරුණියක් ඊයේ (29) රාත්‍රියේ පැන තිබෙනවා.

එම අවස්ථවේ දී වහාම ක්‍රියාත්මක වූ එම ස්ථානයේ සිටි තරුණයන් පිරිසක් ඇයව බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (29) රාත්‍රී 7.00ට පමණ තරුණියක් පාලමේ කොන්ක්‍රීට් වැටඋඩ නැඟ මහවැලි ගඟට පැනීමට සූදානම්වන ආකාරය දැක ඇයව අල්ලාගැනීමට තරුණයින් පිරිසක් ඈ වෙත දිවයද්දී එකවර ඇය පාලමෙන් පැන ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස පැන්න තරුණිය වැටී ඇත්තේ පාලම යට පිහිටි ගොඩබිම් ප්‍රදේශයකට බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම තරුණිය පැමිණි පාපැදිය සහ ඇයගේ ජංගම දුරකථන පාලම මත තිබිය දී මහියංගනය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එලෙස සොයාගත් ජංගම දුරකථනයෙන් ඇයගේ දෙමව්පියන්ට ඇමතුමක් දී සිදු වූ සිද්ධිය පිළිබඳව දැනුම්දීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

මෙලෙස පාලම මතින් පැන ඇත්තේ මිණිපේ 31 ඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක් බවයි පොලිසිය සඳහන් කළේ.

රෝහල වෙත ඇතුළත් කළ එම තරුණියගේ එක් අතකට හානි සිදු ඇති බවයි වාර්තා වන්නේ

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x