counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ශ්‍රී ලංකා බංග්ලාදේශ අවසන් ටෙස්ට් තරගය හෙට

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ අවසන් ටෙස්ට් තරගය හෙට (30 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට චැටොග්‍රෑම් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. ලෝක ටෙස්ට් ශූරතාවයට අයත් තරගාවලියක් වන මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශයින්ම වැදගත් වනු ඇත.

පළමු තරගයෙන් ලද ජයග්‍රහණයත් සමගින් ලෝක ටෙස්ට් ශූරතා ලකුණු පුවරුවේ 6 වැනි ස්ථානයට උසස්වීම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර මේ වන විට ප්‍රසාද ලකුණු 12ක් සහ ජයග්‍රහණ සාමාන්‍යය 33.33%ක් වශයෙන් ශ්‍රී ලංකාව රඳවා ගෙන ඇත. හෙටින් ඇරැඹෙන තරගයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූවහොත් ජයග්‍රහණ ප්‍රතිශතය 50% දක්වා ඉහළ නංවා ගැනීමටත් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය දක්වා උසස්වීමක් ලබා ගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වනු ඇත.

චැටොග්‍රෑම්හි පැවැත්වෙන දෙවන තරගය සඳහා පිතිකරණයට වඩා උචිත තණතීරුවක් ලබා දෙනු ඇතැයි වාර්තා වුවත් දෙවන තරගය සඳහා ශකීබ් අල් හසන් හසන් නැවතත් කණ්ඩායම එක් වීමට නියමිත බැවින් සම්ප්‍රදායික දඟ පන්දුවට උචිත තණතීරුවක් ලබා දීමටද යම් ඉඩක් පවතින බව වාර්තා වේ. පළමු තරගයේදීත් දක්ෂතා අතරට පිවිසි කසුන් රාජිත ආබාධයකට ලක්වීම හේතුවෙන් දෙවැනි තරගයට ඔහුගේ සහභාගීත්වය අහිමි වීම ශ්‍රී ලංකාවට දැනෙන අඩුවක් වනු ඇත. කෙසේවෙතත් අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර කණ්ඩායමට එක් වුවහොත් ශ්‍රී ලංකා අධිවේගී පන්දු යවන්නන්ට මුහුණ දීම බංග්ලාදේශ පිතිකරුවන්ට තවත් අසීරු වනු ඇත.

ඉදිරි දින කීපයේදී චැටොග්‍රෑම් අවට පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත කාලගුණ දත්තයන්ට අනුව තරගයේ අවසන් දින කිහිපයේදී තණතීරුව පළුදු වීමට ඉඩක් තිබෙන අතර මේ හේතුවෙන් කාසියේ වාසිය හිමි කරගන්නා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රියතාවක් දක්වනු ඇත.

මෑත කාලයේ ටෙස්ට් පිටියේ දැක්වූ අසාර්ථකත්වය මත හෙට තරගයේදී කුසල් පෙරේරා විවේක ගන්වා නොම්මර 3 ස්ථානය සඳහා කමිඳු මෙන්ඩිස්ට උසස්වීමක් ලබා දී ලහිරු උදාර හෝ සධීර සමරවික්‍රම නොම්මර 7 ස්ථානයට කැඳවීමේ ඉඩක්ද පවතියි. යම් හෙයකින් කුසල් හෙට තරගය සඳහා නම් වුවහොත් අයර්ලන්ත තරගාවලියෙන් පසු ටෙස්ට් පිටියේ දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස්ට මෙය අතිශයින්ම තීරණාත්මක තරගයක් වනු ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x