counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


විදුලිසැර වැදී සිසුන් දෙදෙනෙක් රෝහලට

දෙනියාය ප්‍රදේශයේ සිසුන් දෙදෙනෙකුට විදුලිසැර වැදිම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

ඒ ඔවුන්ගේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ නිවාස කුටි සකස් කිරිම සඳහා උණ ගස් කැපීමට ගිය අවස්ථාවේ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

උණ ගසක් කපන අවස්ථාවේදි එම උණ පදුර අසල ස්ථාපිත කොට තිබු විදුලි ට්‍රාන්ස්ෆෝමර්යකට සම්බන්ධ කොට ඇති අධිබලැති විදුලි රැහැන්වල මෙම උණ දැවටීමෙන් උණ ගස කපමින් සිටි සිසුන් දෙදෙනාට විදුලි සැර වැදි ඇති තිබෙනවා.

පසුව විදුලි සැර වැදුණු සිසුන් දෙදෙනා ⁣⁣දෙනියාය මුලික රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇති අතර ඉන් එක් සිසුවෙකු මාතර මහ රෝහල වෙත මාරු කර යැවිමට රෝහල් බලධාරින් කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x