counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් සැකකරුවන් 790 ක් අල්ලයි

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 741 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 49 ක් සමගින් මුළු සැකකරුවන් 790 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 241g 25 mg
අයිස් 145 g 56 mg
ගංජා 13 kg 179 g
ගංජා පැල 4,171
මාවා 120 g 75 mg
මදන මෝදක 188g
තුල් 7 g 973 mg

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 741 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 32 ක්, පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 17 ක්, රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 34 ක් සහ වත්කම් විමර්ශනය ආරම්භ කල සැකකරුවන් 17 ක් සිටි.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 49 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 01 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 46 ක් සහ ඇගිලි සලකුණු මගින් සැකකරුවන් 02 ක් සිටි.

පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුමට ඊයේ දිනය තුළ ලේඛනගත පාතාල අපරාධකරුවන් 10 ක් අත්අඩංගුවට……

2024.03.19 වන දිනෙන් ආරම්භ කරන ලද පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ ලේඛනගත පාතාල අපරාධකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මෙම අලුතින් පිහිටුවන ලද කණ්ඩායම් 20 මගින් මේවනවිට ලේඛනගත පාතාල අපරාධකරුවන් 446 දෙනෙකු අතරින් අපරාධකරුවන් 90 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් 90 දෙනා අතරින් සැකකරුවන් 59 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x