counter customizable free hit
28 C
Colombo
Sunday, September 8, 2024


අයි.පී.එල් තරගාවලියේ දී ගංගුලිට සහ පොන්ටිංට තදවෙයි

අයි.පී.එල් තරගාවලියේ දී භාවිත කරන රීති පිළිබඳ ව්‍යාකූලත්වක් ඊයේ (28) රාත්‍රියේ පැවති දිල්ලි කැපිටල්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර තරගයේ දී ඇතිව තිබෙනවා.

ඒ, මෙම තරගයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විදේශීය ක්‍රීඩකයෙකු ආදේශක පන්දු රකින්නෙකු ලෙස යොදාගැනීමත් සමඟයි.

රාජස්ථාන් රෝයල්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර පැවති මෙම තරගයේ දී විදේශීය ක්‍රීඩකයෙකු ආදේශක පන්දු රකින්නෙකු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් තරඟාවලි නීති පිළිබඳ ව්‍යාකූලත්වයක් හේතුවෙන් තරග ක්‍රියාවලියේ බිඳීමක් දක්නට ලැබුණා.

මෙම තත්ත්වයත් සමඟ දිල්ලි කැපිටල්ස් ප්‍රධාන පුහුණුකරු රිකී පොන්ටිං සහ ක්‍රිකට් අධ්‍යක්ෂ සෞරව් ගංගුලි, සිව්වැනි විනිසුරු සමඟ තරමක් උණුසුම් කතා බහක් ඇති වුණා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙම තරගයේ දී රොව්මන් පවෙල්ව ආදේශක පන්දු රකින්නෙකු යොදාගැනීමට කටයුතු කළේ විදෙස් ක්‍රීඩකයින් සිව්දෙනෙක් පන්දු රකින්නන් ලෙස පිටියේ රැඳී සිටින අවස්ථාවේ දීයි.

රාජස්ථාන් කණ්ඩායම මෙම තරගය ආරම්භ කළේ ජෝෂ් බට්ලර්, ශිම්රෝන් හෙට්මයර් සහ ට්‍රෙන්ට් බෝල්ට් යන විදේශීය ක්‍රීඩකයින් තිදෙනෙකු සමඟින්.

අනතුරුව පන්දු රකින අවස්ථාවේ දී ඔවුන් ශිම්රෝන් හෙට්මයර් වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක නන්ද්‍රේ බර්ගර් බලපෑම් ක්‍රීඩකයා ලෙස ගෙන ඒමට තීරණය කළා.

කෙසේ වෙතත්, ඔවුන් ආදේශක පන්දු රකින්නෙකු ලෙස විදෙස් ක්‍රීඩක රොව්මන් පවෙල් පිටියට ගෙන ඒමත් සමඟ මතභේදයක් ඇති වූ අතර, දිල්ලි කඳවුර පෙන්වා දුන්නේ රාජස්ථානය මෙම තරඟය සඳහා විදේශීය ක්‍රීඩකයින් පස්දෙනෙකු යොදාගැනීම කටයුතු කළ බවයි.

මේ අතර සෑම කණ්ඩායමකටම ඕනෑම තරගයක් සඳහා එහි ආරම්භක එකොළොස් දෙනා තුළ විදේශීය ක්‍රීඩකයින් හතරදෙනෙකුට වඩා නම් නොකළ හැකි බව අයි.පී.එල් රීතිවල දැක්වෙනවා

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x