ලුණුගම්වෙහෙර පොලිස් වසමේ පුංචි අප්පුජඳුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල
ලැබූ පුද්ගලයෙකු ලුණුගම්වෙහෙර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ලුණුගම්වෙහෙර පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා
මරණකරු වයස අවුරුදු 31 ක් වන පුංචි අප්පුජදුර, පඩවිගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය ලුණුගම්වෙහෙර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
පැරණි අමනාපයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැකකරනු ලබයි. ඝාතනය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්‌අඩංගුවට ගෙන ඇති අතර, ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1