counter customizable free hit
27 C
Colombo
Friday, September 20, 2024


දොරමඩලාව සුසාන භූමියෙන් මතු වූ අභිරහස

දොරමඩලාව සුසාන භූමියෙන් හමු වූ පිළිස්සුණු සත්ව කොටස් අතර සැක කටයුතු ලෙස තිබූ පුද්ගල අස්ථි කොටස් හේතුවෙන් මිහින්තලය පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙයි

එම අස්ථි කොටස් හමුවූ ස්ථානයේම තිබී සුනඛයෙකුගේ හා නාගයකුගේද අස්ථි කොටස් තිබී හමුවූ බව මිහින්තලය පොලිසිය පවසයි.

මිහින්තලේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම පිළිසුණු අස්ථි කොටස් පිළිබඳව පරීක්ෂා කිරීම සිදුවූ අතර පසුව එම අස්ථි කොටස් අනුරාධපුර  අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ද විමර්ශනයට ලක් කෙරුණි .

සත්ව අස්ථි කොටස් සමග හමුවූ පුද්ගල අස්ථි කොටස් පිළිබඳව පවතින සැක කටයුතු තත්වයන් හේතුවෙන් එම ස්ථානය සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාගේ ද විමර්ශනයට ලක් කරන බව පොලිසිය පවසයි.

නාගයකු විසින් තම නිවසේ සුනඛයාට දෂ්ට කිරීම හේතුවෙන් එම සුනඛයා මිය ගිය බවත් පසුව එම සුනඛයා සහ නාගයා සුසාන භූමියට ගෙනවිත් පුළුස්සා දැමීමට කටයුතු කළ අතර පසුව අසල්වාසියකු විසින් සුසාන භූමියේ තිබූ පුද්ගලයෙකුගේ හිස් කබලක් එම ගින්නට දමා ඇති බවත් පුද්ගලයෙකු විසින් මෙහිදී මිහින්තලය පොලිසියට අනාවරණය කරනු ලැබීය .

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x