counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


විදුලි වාහන භාවිතය වැඩි කරන ලෙස ඉල්ලීමක්

විදුලි මෝටර් රථ භාවිතය ප්‍රවර්ධනය කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ශ්‍රී ලංකාවට රථවාහන ආනයනය අත්හිටුවා වසර තුනක් ගත වී තිබේ. ඒ රටේ පවතින විදේශ විනිමය පිළිබඳ ගැටළුව නිසායි. ඉන්ධන මිල ද ක්‍රමයෙන් වැඩිවෙයි. එවැනි තත්ත්වයකදී පුනර්ජනනීය බල ශක්තිය වෙත යොමුවීම වැදගත් බව රණවක මහතාගේ අදහසයි.

ඒ අනුව පෞද්ගලික භාවිතය සඳහා විද්‍යුත් මෝටර් රථ භාවිතයට පුද්ගලයන් යොමු කළ යුතුය. පොදූ ප්‍රවාහන සේවා වෙනුවෙන් ද විද්‍යුත් රථවාහන කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

මෙම විද්‍යුත් රථ සැපයීම දේශීය ක්‍රියාවලියක් බවට පත් කිරීම අතිශය වැදගත් බව පොල්ගහවෙල මයික්‍රෝ කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කරමින් පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.

2010 දී තමා විදුලිබල අමාත්‍යවරයා ලෙස පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට ක්‍රියාකළ බව සිහිපත් කළ රණවක මහතා කියාසිටියේ, වහල මත සවිකරන සූර්ය බල ශක්ති පද්ධති ද ඊට සමගාමීව හඳුන්වාදුන් බවයි.

මේ වනවිට එම ක්‍රමවේදය ඔස්සේ දැනට ශ්‍රී ලංකාවෙහි උත්පාදනය කෙරෙන විදුලිය, මෙගාවොට් 700 ක් පමණ වෙයි. මෙහි ඉදිරි පියවරේදී, සූර්ය බලශක්තිය යොදාගෙන මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපනය කළ යුතුය.

කර්මාන්තශාලා සහ නිවාස වලට ද, සූර්ය බලශක්ති භාවිතය ව්‍යාප්ත කිරීමද කාලීන අවශ්‍යතාවක් බව රණවක මහතා පෙන්වා දෙයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x