counter customizable free hit
27 C
Colombo
Friday, September 20, 2024


ඥාණසාර හිමිට බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවම් 

ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට බරපතල වැඩ සහිත වසර 04ක සිර දඬුවම් කොළඹ මහාධිකරණය නියමකර තිබෙනවා.ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණා.

2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුවූ බවට පවසමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණා.

ඒ අනුව එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් සිර දඬුවම්වලට අමතරව රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x