counter customizable free hit
30 C
Colombo
Friday, September 20, 2024


චීනයෙන් ඉදිකරන ඉන්ධන පිරිපහදුව

මෙරට චීනයේ සයිනොපෙක් සමාගම විසින් ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

සයිනොපෙක් සමාගමේ නියෝජිතයින් පිරිසක් තමාට ඒ බව දැනුම්දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

නව පිරිපහදුව හම්බන්තොට ස්ථාපනය කිරීමට නියමිත අතර ඊට අදාළ එකඟතා ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමට සයිනොපෙක් සමාගම එකඟතාව පළ තිබෙනවා.එම ව්‍යාපෘතිය සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවූ අතර එහි ආයෝජනය සඳහන් වූයේ අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් ලෙසයි.

එම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය වැඩි කිරීමට මෙන්ම පිරිපහදුවේ ධාරිතාවය වැඩි කිරීමට ද එකඟතාව පළ වී ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය ජුනි මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.

එම ව්‍යාපෘතිය සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවූ අතර එහි ආයෝජනය සඳහන් වූයේ අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් ලෙසයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x