counter customizable free hit
29 C
Colombo
Sunday, September 8, 2024


ජන හදවත්වලට තවත් සමීප වෙමින් සුප්‍රිම් ටීවී සහ ‘දසත නිවුස්’ අද සිට TNL ගුවන් කාලය හරහා නැරඹීමේ අවස්ථාව

ජන හදවත්වලට තවත් සමීප වෙමින් සුප්‍රිම් ටීවී සහ ‘දසත නිවුස්’ අද සිට TNL ගුවන් කාලය හරහා නැරඹීමේ අවස්ථාව

නවමු අත්දැකීම් ඔබ වෙත ගෙන ඒමේ අරමුණ ඇතිව නව ගමනක් අරඹමින් සුප්‍රිම් ටීවී නාලිකාව අද සිට TNL නාළිකාව සමග අත්වැල් බැදගත්තා.

TNL නාළිකාව සතු ගුවන් කාලය ලබාගනිමින්.

ඒ, අනුව සමබර ප්‍රවෘත්ති වාර්තාකරණයේ අසමසම සන්නාමය ‘දසත නිවුස්’ ප්‍රේක්ෂක ඔබට තවදුරටත් සමීප වනවා.

අද සිට සුප්‍රිම් ටීවී හරහා විකාශය වන සියලු වැඩසටහන් TNL ගුවන් කාලය හරහා ඔබට නැරඹිය හැකි වනවා.

ඩයලොග් ටීවී නාලිකා අංක 12 සහ 20 සහ පියෝ ටීවී නාලිකා අංක 13 සහ 16 හරහා දැන් ඔබේ ආලින්දයට අප තවත් සමීප වෙනවා.

මෙම නව පියවරත් සමඟ ‘දසත නිවුස්’ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් සහ දවසේ පුවත්පත්වල තොරතුරු උදෑසනම ඔබ වෙත ගෙන එන ‘දසත පිටුවෙන් පිටුව’ වැඩසටහන ද ටී.එන්.එල් රූපවාහිනී නාළිකාව ඔස්සේ සජීවීව නැරඹීමට ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ජනතාවට අවස්ථාව හිමිවනවා.

ඒ, අනුව සතියේ සෑම දිනකම උදෑසන 6.25ට ‘දසත පිටුවෙන් පිටුව’ වැඩසටහන, දහවල් 11.25 ‘දසත’ ප්‍රවෘත්ති විකාශය සහ සවස 6.25 ‘දසත’ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ටී.එන්.එල් රූපවාහිනී නාළිකාව ඔස්සේ ද නැරඹීමේ හැකියාව පවතිනවා.

සුප්‍රීම් ටීවී නාළිකාව හා එක්ව ආරම්භ කළ දසත ‘දසත පිටුවෙන් පිටුව’ වැඩසටහන සහ ‘දසත නිවුස්’ ප්‍රවෘත්ති විකාශයන් ඉතා කෙටි කාලයක් තුළ මෙරට ප්‍රේක්ෂකයින් අතර ජනාදරයට පත් වුණේ සමබර ප්‍රවෘත්ති වාර්තාකරණ හේතුවෙන්.

ඒ, අනුව සුප්‍රීම් ටීවී නාළිකාව හා සමගාමීව ටී.එන්.එල් රූපවාහිනී නාළිකාව ඔස්සේ ද, අද (22) දිනයේ සිට සමබර ප්‍රවෘත්ති වාර්තාකරණ අසමසම සන්නාමය ‘දසත නිවුස්’ ප්‍රේක්ෂක ඔබට සමීපවීමට හැකියාව ලැබීම ගැන දැනුම් දෙන්නේ ඉතා සතුටින්.

මේ අතර අද (22) සිට ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලුම තරග ද ප්‍රේක්ෂක ඔබට සුප්‍රිම් ටීවී ඔස්සේ නැරඹීමේ හැකියාව පවතිනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x