counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් සැමියා ඝාතනය කරයි

ඊයේ (11) රාත්‍රී කාලයේදී වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් විසින් අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් පිරිමි පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මියගොස් ඇත්තේ වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.

මරණකරු හා ඔහුගේ බිරිඳ යතුරුපැදියකින් ගමන් කරමින් සිටින අවස්ථාවේ පොන්නාලේ හන්දිය ආසන්නයේදී මරණකරු සමග පෙර අමනාපයක් තිබූ පිරිසක් මෝටර් රථයකින් පැමිණ සිටින බව දැක තිබෙනවා.

එහිදී මරණකරු යතුරුපැදිය හරවා පොන්නාලේ නාවික හමුදා මුරපොළ අසලට ධාවනය කර ඇති නමුත් ඔවුන් පසුපසින් පැමිණ මෙම පිරිස මරණකරු හා බිරිඳ යතුරුපැදිය සමග පැහැරගෙන ගොස් ඇති බව සඳහන්.

අනතුරුව කාන්තාව සිත්තන්කේනි හන්දියේ දමා ගොස් ඇති අතර පසුව මරණකරු තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර කොට්ටකාඩු රෝහල අසලට මොටර් රථකින් ගෙනවිත් දමා සැකකරුවන් පළාගොස් තිබෙනවා.

තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සඳහන්.

වඩුක්කෝට්ටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x