අද උදෑසන මග්ගොන ප්රදේශයේ දී දුම්රියක ගැටී පුද්ගලයකු පීලි අතර සිරවීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තරමක ප්රමාදයක් පවතින බව කළුතර දුම්රිය බළධාරීයෙක් පැවසීය.
මේ හේතුවෙන් රුහුණු කුමාරී සහ ගාලු කුමාරී සීඝ්රගාමී දුම්රියන් විනාඩි 35 සහ 30 බැගින් ප්රමාදවී ධාවනයවූ බව සදහන් වේ.
මග්ගොන ඉදිරිල්ලගොඩ පාලම මතදී දුම්රිය පීලි අතර සිර වූ මෙම පුද්ගලයාගේ මළ සිරුර අද උදෑසන ප්රදේශවාසීන් සොයාගෙන ඇත. පාලම මතින් අපරීක්ෂාකාරී ලෙස මෙම පුද්ගලයා ගමන් කර අතරතුර දුම්රියක ගැටෙන්නට ඇති බවට සැක කෙරෙන බව ප්රදේශවාසීන් කියා සිටී.මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු හැත්තෑවක් පමණ වයසැති පිරිමි පුද්ගලයකු වන අතර ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් මේ වන විට අනාවරණය වී නොමැත.
මෘතදේහය පයාගල දකුණ දුම්රිය ස්ථානයට භාරදී ඇති අතර පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
උණුසුම් පුවත් දිනපතා නැරඹීමට Thidasa News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
#thidasanews #trending
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : [email protected]
Facebook : https://www.facebook.com/Thidasanews
Thidasa News / Thidasa Lanka news /News / Sinhala News / Sri lanka News / Breaking News