counter customizable free hit
25 C
Colombo
Monday, November 18, 2024


මානගේ දොන් උපුල් ප්‍රසන්න (මුල්ලේරියාවේ බංචි) කොටු

මානගේ දොන් උපුල් ප්‍රසන්න (මුල්ලේරියාවේ බංචි) කොටු
පොලිස් බල ප්‍රදේශ 19 කම ගේම් දීගෙන දීගෙන ගිහින්
යට ඇඳුමෙනුත් මිලිග්‍රෑම් 6120 ක් මතුවෙන හැටි

මොරටුව,පිළියන්දල,මහරගම,වැලිකඩ,තලංගම,කැස්බෑව, කොහුවල, කිරුලපන,මිරිහාන,මාලඹේ,කඩුවෙල,හෝමාගම,ආදී පොලිස් බල ප්‍රදේශ 19’භාණ්ඩ සොරකම් කළ පුද්ගලයකු සහ එම භාණ්ඩ මිලදී ගත් පුද්ගලයින් දෙදෙනෙකු මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා ඉකුත් 08 කටුබැද්ද ද සොයිසා ක්‍රීඩාංගනය අසල අපරාධ අංශයේ නිලධාරීන් කටුබැද්ද ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක් අසල සැක සහිත පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයාගේ යට ඇඳුමක සඟවා තිබියදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 6120 සොයා ගැනීමට අපරාධ අංශයේ නිලධාරීන්ට හැකියාව ලැබී ඇත

එම පුද්ගලයාගෙන් සිදුකෙරෙනු ලැබූ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී එම පුද්ගලයා විසින් මොරටුව ප්‍රදේශය සහ අනෙකුත් ප්‍රදේශවල සිදු කරනු ලැබූ භාණ්ඩ සොරකම් කිරීම් ප්‍රකාශ කර ඇත.

තවදුරටත් මෙම පුද්ගලයා මෙම සොරකම් සිදුකර ඇති ආකාරය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ දහවල් කාලයේ මෙම වෙළඳසැල නිරීක්‍ෂණය කර රාත්‍රී කාලයේ කැඩීමට බලාපොරොත්තුවන වෙළඳසැල ආසන්නයට භාණ්ඩ දමාගෙන යාමට පැමිණි ගෝනිය බිම දමා හිඟන්නකෝ මෙන් නිදාගෙන සිටින බවත් ඉන්පසු අලූයම එකට පමණ මිනිසුන් නොගැසෙනවා අවස්ථාවකදී ගලක් ගෙන වීදුරුවට ගසා වීදුරුව කඩා වෙළඳසැලට ඇතුල්වී වටිනාකමින් වැඩි භාණ්ඩ සොරාගන්නා බව පොලිසියට ප්‍රකාශ කර ඇත.

මෙසේ අත්අඩංගු 48 වන මානගේ දොන් උපුල් ප්‍රසන්න යන(මුල්ලේරියාවේ බංචි) යන අනුවර්ත නාමයෙන් හඳුන්වනු ලබන මීට පෙර අවස්ථා කිහිපයකදීම සොරකම් සම්බන්ධව බන්ධනාගාර ගතවී සිට

බියගම පේනවද ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති අතර ස්ථිර පදිංචි ලිපිනය වනුයේ උඩුමුල්ල මුල්ලේරියාව යන ප්‍රදේශයයි

වෙළඳසැල් සහ රූපලාවන්‍යාගාර බිඳ එම වෙළඳ සෙල්වල භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් මොරටුව පොලිසිය විසින් රත්තරංගුවට ගෙන ඇත

රුපියල් එක්කෝඩි පනස් ලක්ෂයක පමණ වටිනා භාණ්ඩ සොරකම් කර ඇත.

මෙසේ සොරකම් කරන ලද භාණ්ඩ අතර laptop 14,TV 06,රූපලාවණ්‍යාගාර 07 සියලුම භාණ්ඩ,ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා යොදාගන්නා භාණ්ඩ,සංගීත නිර්මාණ කිරීම සඳහා යොදාගන්නා විදුලි ඕගන 03,විස්කි බෝතල් දෙකක් සහ ගිටාරයක්

උණුසුම් පුවත් දිනපතා නැරඹීමට Thidasa News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
#thidasanews #trending
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Facebook : https://www.facebook.com/Thidasanews

Thidasa News / Thidasa Lanka news /News / Sinhala News / Sri lanka News / Breaking News

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x