counter customizable free hit
30 C
Colombo
Friday, September 20, 2024


විදෙස් කතකට මහ මඟ දී සිදුවු අකරතැබ්බය

දින තුනක සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි බංගලාදේශ වෛද්‍යවරියකට කිරුළපන බේස්ලයින් මාර්ගයේදී අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව තිබුණි.

ඒ ඇයගේ ගෙල බැඳි රන්මාලය හා රන් පෙන්ඩන් තුනක් පුද්ගලයින් දෙදෙනෙකු විසින් කොල්ලකා පළා යෑම හේතුවෙනි.

එම සොරකම සිදුකරන අයුරු CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.

එහිදී සැකකරුවන් විසින් මාර්ගයේ ගමන් කරමින් සිටි විදෙස් කාන්තාවට අමානුෂික ලෙස පහරදෙන අයුරු ද දක්නට ලැබුණි.

අදාළ සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 900ක් සමග  ඊයේ (10) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලීසිය පවසයි.

සොරාගත් රුපියල්  225,000 වටිනා රන් භාණ්ඩ හෙට්ට්වීදිය ප්‍රදේශයේ අලෙවි සැලකට උකස් කර තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ.

කිරුලපන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x