counter customizable free hit
30 C
Colombo
Friday, September 20, 2024


වන නිලධාරින් ගිනි අවි අතහැර අකුරට වැඩ

වනජීවී කලාපවල ගිනි අවි භාවිත කිරීමට සිදුවන සියලුම රාජකාරිවලින් ඉවත් වීමටත්, අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමටත් සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව, එම සංගමය විසින් ඉකුත් සිකුරාදා (08 වැනිදා) සිට මෙම වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කළ බව සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.ආර්.ඩී. විජේරත්න සඳහන් කරයි.

වනාන්තරවලදී රාජකාරි ගිනි අවිය භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් දඩයක්කරුවන් ප්‍රහාර එල්ල කරන අවස්ථාවලදී ප්‍රතිප්‍රහාර එල්ල කරන වනජීවි නිලධාරීන්ට රක්ෂිත බන්ධනාගාර ගතවීමට සිදු වී ඇතැයිද එම සංගමය කියයි.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ග නිසා ගිනි අවි හා රජයේ දේපොළවල ආරක්ෂාව පිළිබඳව කිසිදු වගකීමක් නොගන්නා බවද එම සංගමය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුවත් කර ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x