counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


ඩයනා,සුජිත් හා රෝහණට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුව‍යි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය පෙරේරාට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තු තහනමක් පැනවීමට පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන පළමු වාර්තාව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ විසින් අද(01) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

කෙසේ වෙතත්, එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව සහ මෙම වාර්තාව අතර පරස්පරතාවයක් පවතින බවයි.

නියෝජ්‍ය කතානායකවරයාගේ කමිටුව විසින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට මාස 3ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කරන ලෙස නිර්දේශ කර තිබූ නමුත්, ආචාරධර්ම සහ වරප්‍රසාද කාරක සභාව එය මසක කාලයක් දක්වා අඩුකර ඇති බවයි සිද්ධියට මැදිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර චෝදනා කළේ.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් ප්‍රශ්න කිරිමේදී විවාදාත්මක තත්ත්වයක් ද හට ගත්තා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර අතර සංවාදයක් ඇතිවුණා.

මේ අතර, ක්‍රිකට් ක්‍රීඩාංගන 3ක එල්.ඊ.ඩී තිර සවි කිරීමට යාමේදී සිදු වු යැයි කියන වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කළ අතර ඊට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ද මැදිහත් වුණා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x