counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


ජනපති අද ඩුබායි රාජ්‍යයට

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව රාජ්‍ය නායකයින්, රාජ්‍ය පෞද්ගලික අංශ නියෝජිතයින්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් අද දිනයේ සිට දෙසැම්බර් 12 වන දින දක්වා ඩුබායි එක්ස්පෝ නගරයේ දී පැවැත්වීමට නියමිතය.

අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දේශගුණික යුක්ති සංසදය ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා 03ක් ශ්‍රී ලංකාව විසින් මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙවර සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් තිදෙනෙකු සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සහභාගී වේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට රජයේ වියදමකින් තොරව තරුණ නියෝජිතයින් විසිදෙනෙකු සහ බලශක්ති හා පරිසර ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් හා මාධ්‍ය කණ්ඩායමක් ද සහභාගී වීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේ දී  රුපියල් බිලියන 07ක මුදලක් මහ භාණ්ඩාගාරයට ලබා දී ඇති අතර ඉන් රුපියල් බිලියන 4ක් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දී තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපතිවරයා වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මීට පෙර අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මහ භාණ්ඩාගාරයට රුපියල් මිලියන 3,382ක මුදලක් ලබාදුන් අතර එක් වර්ෂයක් තුළ දී රුපියල් බිලියන 07ක මුදලක් ලබාදීමේ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට, අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් මෙම මුදල් ලබා දී තිබේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x