counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


දේශබන්දු ගේ පත්කිරීම ගැන දැනුම්දීමක්

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම සම්බන්ධයෙන්   ව්‍යවස්ථා සභාව දැනුම්වත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

ඊයේ (29) පස්වරුවේ වැඩබලන පොලිස්පතිවරයා ගේ නම තමාට ලැබුණු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

ඒ අනුව කඩිනමින් ව්‍යවස්ථාදායක සභාව රැස් වී වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට බලාපොරොත්තු වන බව කතානායකවරයා සඳහන් කළේය.

පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී වික්‍රමරත්න මහතාට ලබා දුන් සේවා දිගුව පසුගිය 24 වැනිදා අවසන් වීමත් සමඟ පොලිස්පති ධුරය පුරප්පාඩු වී පැවතිණි.

දින කිහිපයක් පුරප්පාඩුව පැවති පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේ නම් කරනු ලැබිණි.

ඒ අනුව මාස 03ක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ව කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කර තිබේ.

මේ අතර, නව වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බරපතළ අර්බුදයකට පත් ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x