counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


උත්සව සමයේදී පාරිභෝගිකයින් රකින්න සැලැස්මක්

උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වෙළඳපොල තුළදී වියහැකි අසාධාරණකම් වැලැක්වීමට සහ ඇතිවිය හැකි ගැටලු මග හැරවීමට (30) සිට ජනවාරි මස 15 වැනිදා දක්වා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා.

ඒ අනුව එම කාලය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් විශේෂ වැටලීම් කරන බවත් පාරිභෝගික පැමිණිලි වෙතොත් පාරිභෝගික කටයුතු අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු දෙන ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සමස්ත රටම ආවරණය වන පරිදි සියලු දිස්ත්‍රිකයන්ට අනුයුක්ත කර ඇති පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් වැටලීම් සහ විමර්ශන කටයුතු සදහා යොමු කර ඇති බවත් උත්සව සමයේදී පාරිභෝගිකයන් වැඩි වශයෙන් මිලදීගන්නා ඇදුම් පැලදුම්, කල්පවත්නා භාණ්ඩ, විදුලි උපකරණ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ අළෙවි කරන වෙළඳසැල් පිළිබදව වැඩි අවධානයක් යොමු කරන බවත් එම අධිකාරිය කියයි.

ජංගම වෙළදුන් සහ සේල් වැනි ක්‍රියාකාරකම් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ විශේෂ අධීක්ෂණයකට ලක්කරන බව කියන එම අධිකාරිය රට පුරා ප්‍රධාන තොග අලෙවිසැල් සහ ගබඩා පරීක්ෂා කිරීම සහ වැටලීම් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කලා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x