counter customizable free hit
29 C
Colombo
Friday, September 20, 2024


තවත් ලෙඩක් කොළඹ පැතිරෙයි

ඩෙංගු යැයි සැක කළහැකි රෝගීන් 3,465ක් කොළඹ නගර සභා බලප්‍රදේශය තුළින් වාර්තා වී ඇති බව එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

මේවන විට පවතින මෝසම් වැසි සමඟ මෙම තත්ත්වය වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ඔහු සඳහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ ද සඳහන් කළා.

“කොළඹ නගරය තුළ දැනට ඩෙංගු යැයි සැකකෙරෙන රෝගීන් 3,465ක් වාර්තා වෙලා තියෙනවා. ඉන් 80%ක් පමණ ඩෙංගු බවට තහවුරු වෙලා තියෙනවා. අපි දන්නවා දෙසැම්බර් මාසයේ දී එය වැඩිවෙන්න පුළුවන්. මේ වනවිට නැවත වරක් අක්‍රමවත් ලෙස මෝසම් වැසි සක්‍රීය වීමක් අපි දකිනවා. කීට සමීක්ෂණවලින් අපිට 7.1ක් විතරයි නිවෙස්වල පොසිටිව් කෙන්ටේනර්ස් දකින්න පුළුවන්. ඒ වගේම වැඩිම ප්‍රමාණයක් රාජ්‍ය ආයතනවල 60%ක් පමණ. ඒ වගේම ඉදිකිරීම් කේෂ්ත්‍රයේ 80%ක් වගේ. මේවා අනුව අපිට ගොඩක් දුරට පාලනය කරන්න පුළුවන් වෙලා තියෙනවා.”

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x