counter customizable free hit
28 C
Colombo
Sunday, September 8, 2024


මැක්ස්වෙල්ගේ ප්‍රවේගකාරී පිතිහරඹයෙන් ඕස්ට්‍රේලියාවට ජය

සත්කාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති තෙවන පන්දුවාර විස්ස තරගය කඩුළු 5කින් ජය ගැනීමට ඕස්‌ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 3ක් දැවී ලකුණු 222ක් රැස්කර ගැනීමට සමත් විය.

එහිදී ඉන්දීය පිල වෙනුවෙන් රුතුරාජ් ගයික්වාඩ් පන්දු 57කදී ලකුණු 123ක් රැස්කර ගත්තේය.

ඊට දැවැන්ත හයේ පහර 7ක් සහ හතරේ පහර 13ක් ද ඇතුළත් වේ.

අනතුරුව පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 225ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් නොදැවී වේගවත් ලකුණු 104ක් රැස්කර ගත්තේ පන්දු 48ක් තුළදීය.

ඊට දැවැන්ත හයේ පහර 8ක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත් වේ.

ඒ අනුව තරග 5කින් සමන්විත මෙම තරගාවලිය 2ට 1ක් ලෙස ජයගෙන ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටී.

ලකුණු 104ක් රැස්කර ගත් ග්ලේන් මැක්ස්වෙල් මෙම තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට සමත් විය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x