දකුණු අප්‍රිකාවේ ප්ලැටිනම් පතලක සිදුවූ අනතුරකින් කම්කරුවන් 11 දෙනෙක් මිය ගොස් 75 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
අදාළ සමාගම පැවසුවේ මිනිසුන් පතලේ ඉහළට සහ පහළට ඔසවන සෝපානය අනපේක්ෂිත ලෙස පහළට ගමන් කිරීම නිසා මෙම අනතුර සිදු වූ බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට බරපතල තුවාල ලබා ඇති පිරිසෙන් 10 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.
කෙසේ වෙතත් මෙම අනතුර පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බවත් මේ වන විට එම සමාගම සතු සියලු පතල්වල වැඩ කටයුතු අත්හිටුවා ඇති බවට සඳහන් වෙනවා.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1