counter customizable free hit
31 C
Colombo
Friday, September 20, 2024


රූපවාහිනි සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව පිළිබඳ විශේෂ තීරණයක්

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවෙදී මේ බව අනාවරණය කෙරුණි.

ඒ එම කාරක සභාව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

2015 සිට සංඛ්‍යා ලේඛන ඉදිරිපත්කරමින් මෙම නාලිකා ද්විත්වය අලාභ ලබා ඇති ආකාරය සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදී. 

ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277ක්ද  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වනවිට රුපියල් මිලියන 457ක් අලාභ ලබා ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. 

තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට අපහසු බව පෙන්වා දුන් සභාපතිවරයා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කිරීමට සැළසුම්කර ඇති බව ප්‍රකාශ කළේය. 

ඒ අනුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවද සභාපතිවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කරන විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මධ්‍ය මගින් ප්‍රමාණවත් ප්‍රචාරණයක් ලබා නොදෙන බව කාරක සභාව තුළ අදහස් පළවිය. 

සංවර්ධනයට ලක්විය යුතු ගොඩනැගිලි, මාර්ග, පාලම් ආදී විවිධ දෑ හේතුවෙන් පීඩාවට පත්වන මහජනතාවගේ අපහසුතා මාධ්‍ය මගින් විකාශ කිරීම මෙන්ම ඒවා සංවර්ධනය කිරීමෙන් පසු මහජනතාවට ලැබී ඇති පහසුකම් පිළිබඳවද රාජ්‍ය මාධ්‍ය මගින් දැනුවත් කිරීම සිදු කළයුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී සමාජ සංස්කෘතියට, පුද්ගල සෞඛ්‍යට හානිවන අයුරින් මාධ්‍ය මගින් සිදුකරන ප්‍රචාරණ කටයුතු නියාමනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමර්ග පිළිබඳ වාර්තාවක් සකසා කාරක සභවට ලබාදෙන ලෙස සභාපතිවරයා විසින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට උපදෙස් ලබාදෙන ලදී.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x