counter customizable free hit
29 C
Colombo
Friday, September 20, 2024


ත්‍රිරෝද රථයක් කොල්ල කෑ සැකකරු අත්අඩංගුවට

මොරගස්මුල්ල ප්‍රදේශයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් කොල්ල කෑමේ අපරාධයකට සම්බන්ධ සැක්කරුවෙකු ඊයේ(27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන්.

පොලිසිය පැවසුවේ ත්‍රි රෝද හිමිකරුට පිහියක් පෙන්වා බිය ගන්වා රුපියල් 950,000ක් වටිනා ත්‍රි රෝද රථය කොල්ල කා පලා ගොස් ඇති බවයි.

මෙහි විමර්ශන කටයුතු සිදු කර ඇත්තේ වැලිකඩ පොලිසිය වන අතර, සැකකරු සමඟ කොල්ලකන ලද ත්‍රිරෝද රථය සොයා ගෙන තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x