counter customizable free hit
29 C
Colombo
Sunday, September 8, 2024


ඊශ්‍රායල – හමාස් සටන් විරාමය දින දෙකකින් දිගු වේ

ඊශ්‍රායලය – හමාස් සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කර තිබෙනවා.

දින හතරකට පෙර ඇරඹි සටන් විරාමය අදින් අවසන් වීමට නියමිත අතර විදෙස් වාර්තා සඳහන් කළේ තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් දෙපාර්ශවය විසින්ම නිදහස් කර ඇති බවයි.

ඒ අනුව හමාස් සටන්කාමීන් සිය ප්‍රාණඇපයේ සිටි 11දෙනෙකු සහ ඊශ්‍රායලය ඊට සමගාමීව පලස්තීනුවන් 33දෙනෙකු නිදහස් කර තිබෙනවා.

හමාස් සටන්කාමීන් පවසා සිටියේ සිය ප්‍රාණඇපයේ සිටි ඊශ්‍රායල ජාතිකයින් 50 දෙනෙකු අධික පිරිසක් මේ වනවිට නිදහස් කර ඇති බවයි.

එහෙත් ඊශ්‍රායලය නිදහස් කළ පලස්තීනුවන් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා ලැබී නැහැ.

හමාස් සටන්කාමීන් පවසා සිටියේ සටන් විරාමය ක්‍රියාත්මක ඉදිරි දින දෙකේදීද තවත් ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු නිදහස් කරන බවයි.

කෙසේ වෙතත් දෙපාර්ශවය අතර ගැටුම්වලදී පලස්තීනුවන් 14,500ක් ඝාතනයට ලක්ව ඇති බව හමාස් සටන්කාමීන් ප්‍රකශ කළා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x