counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවක හදිසි ගින්නක්

රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

දංඕවිට පොලිස් වසමේ හොරගස්මංකඩ අල්ගම මාර්ගයේ පිහිටි රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇත්තේ ඊයේ (27) රාත්‍රියේදීයි.

පොලීසියට ලද පැමිණිල්ලක් අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය රාත්‍රියේ සේවයේ නියුතු සේවකයින් ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ගම්පහ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේද සහාය ඇතිව ගින්න මැඬ පැවැත්වීමට කටයුතුකර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දංඕවිට පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x