counter customizable free hit
29 C
Colombo
Friday, September 20, 2024


බිග් බෑෂ්හි දක්ෂතම ක්‍රීඩිකාව චමරී අතපත්තු

මෙවර ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරී අතපත්තු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

මෙවර තරගාවලියේදී සිඩ්නි තන්ඩර් කණ්ඩායමට ක්‍රීඩා කරන චමරී මේ වන විට දෙවැනි වැඩිම ලකුණු ලාභිනිය බවට පත්ව ඇත්තේ තරග13කට ක්‍රීඩා කර ලකුණු 511ක් ලබා ගනිමින්.

මීට අමතරව ඇය කඩුලු 9ක් බිද දමන්නට ද සමත් වී තිබෙනවා.

මෙවර බිග් බෑෂ් කාන්තා ක්‍රිකට් තරගාවලියේදී කිසිදු කණ්ඩායමක් චමරී අතපත්තු මිල දී ගන්නට ඉදිරිපත් නොවුණු අතර, අවසන් මොහොතේදී චමරී සිඩ්නි තන්ඩර් කණ්ඩායමට එක් කර ගත්තේ විදෙස් ක්‍රීඩිකාවක් ආබාධයකට ලක් වීම නිසා බවයි සඳහන් වන්නේ.

ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ඇය මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීම කැපී පෙනෙනවා.

එමෙන්ම චමරී මෙම වසරේ කාන්තා බිග් බෑෂ් තරගාවලියේ විශිෂ්ටතම කණ්ඩායමට ඇතුළත් කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

කාන්තා බිග් බෑෂ් T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය අද(28) පැවැත්වීමට නියමිත අතර එහිදි චමරී ක්‍රීඩා කරන සිඩ්නි තන්ඩර් කණ්ඩායම සහ බ්‍රිස්බෙන් හිට්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x