counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


මහවිරු සැමරුම වෙනුවෙන් උතුරේ තැන තැන සැමරුම්

උතුරු පළාතේ ස්ථාන කිහිපයක ඊයේ(26) මහවිරු සැමරුම් වැඩසටහන් කිහිපියක් පැවැත්වු බව උතුරේ වැසියන් පවසති.

යුද්ධයෙන් මියගිය එල් ටි ටි සාමාජිකයින් හා යුද්ධයෙන් මියගිය ඥාතීන් සමරා එලෙස සැමරුම් වැඩසටහන් රැසක් පවත්වා තිබිණ.

එලෙසම මියගිය එල් ටි ටි සංවිධාන නායකයාගේ 69 වන උපන්දිය සැමරුමද ඊයේ(26) දිනට යෙදී තිබු අතර, ඒ වෙනුවෙන් උපන්දින සැමරුම් වැඩසටහන් කිහිපයක්ද පැවැත්වු බව උතුරේ ජනතාව පවසති.

හිටපු උතුරුපළාත් සභා මන්ත්‍රී ශිවාජිලිංගම් මහතා ඇතුළු පිරිසක් ප්‍රභාකරන්ගේ වැල්වැටිතුරෙයි නිවස අසළ කේක් කපා සැමරුමක් පවත්වා තිබු අතර, වැල්වැටිතුරෙයි ප්‍රදේශවාසීන් පැවසුවේ ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම එහිදි පැවැත්වු බවයි.

මුලතිව්,වවුනියාව,යාපනය,කිලිනොච්චිය ප්‍රදේශයන්ගේ පිහිටි මහවිරු සොහොන් ආශ්‍රිතව මහවිරු පවුල්වල දෙමාපියන්ට ගෞරව දක්වා තිබිණ.

උතුරේ වැසියන් පැවසූවේ තමන් යුද්ධයෙන් මියගිය ඥාතීන් සමරා පහන් දැල්වීම සිදුකළ අතර, එය සෑම වසරකම පවත්වන බවයි.

මහවිරු දිනය අදට(27) යෙදී ඇති අතර,අද(27) සවස 6.05ට සෑම නිවසක් ඉදිරිපස හා මහවිරු සොහොන් ආශ්‍රිතව පහන් දල්වා මහවිරු සැමරුම පැවැත්වීම සාමාන්‍ය ක්‍රියාවලියයි.

යුද්ධයෙන් මියගිය එල් ටි ටි සාමාජිකයින් හා දමිළ ජනතාව සැමරීම වෙනුවෙන්  මහවිරු මාසය ක්‍රියාත්මක කරන අතර, දෙමළ ජනතාව පවසන්නේ නොවැම්බර් මාසය මහවිරු මාසය ලෙසට සළකා සැමරුම් වැඩසටහන් රැසක් පවත්වන බවයි.

සෑම වසරකම නොවැම්බර් මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා මහවිරු සතිය ක්‍රියාත්මක කරනු ලබන අතර, නොවැම්බර් 27 වැනිදා සවස 6.05 ට පහන් දල්වා මහවිරු සැමරුම පැවැත්වීම සාමාන්‍ය සාම්ප්‍රදායයි.

එල් ටි ටි සංවිධානය ක්‍රියාකාරීව පැවැති අවධියේ උතුරු පළාතේ පිහිටි මහවිරු සොහොන් ආශ්‍රිතව එවකට එල් ටි ටි නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මහවිරු සැමරුම් පැවැත්වූහ.

යුද්ධයෙන් මියගිය එල් ටි ටි සාමාජිකයින් සිහි කරමින් මහවිරු ගීත ප්‍රචාරය කොට,මියගිය එල් ටි ටි සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ගෞරවය පිරිනැමීම එහිදි සිදුවිණ.

කිලිනොච්චිය  කනගපුරම්,මුලතිව් මල්ලාවි,යාපනය කෝපායි,වවුනියාව ඊච්චන්කුලම,මන්නාරම වෙඩිතලතිව් යන මහවිරු සොහොන් කේන්ද්‍ර කර ගනිමින් එල් ටි ටි සංවිධානය ක්‍රියාකාරීව පැවැති අවස්ථාවේ මහත් ඉහළින් මහවිරු සැමරුම් වැඩසටහන් පැවත්විණ.

යුද ගැටුම්වලින් 1982 නොවැම්බර් 27 වැනිදා මියගිය එල් ටි ටි ක්‍රියාකාරියෙකු වු ලුතිනන් සංකර් නමැත්තා සිහි කරමින් නොවැම්බර් 27 වැනිදා මහවිරු සැමරුම පැවැත්වීම ආරම්භ කොට ඇති අතර, 1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් කැළැවේ නිත්තකෙයිකුලම ප්‍රදේශයේ පළමු මහවිරු සැමරුම් වැඩසටහන පවත්වා ඇති බව උතුරේ වැසියන් පවසති.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x