counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


හමාස් සංවි­ධා­නය ප්‍රාණ ඇප­යට ගත් 9 හැවි­රිදි දැරිය දින 50කට පසු මුදා හැරලා

අයර්ලන්ත සම්භවයක් සහිත ඊශ්‍රායල දැරියක දින 50ක කාලයකට පසු හමාස් සංවිධානය වෙතින් නිදහස ලැබීමේ පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල අතර වැඩි කතාබහට ලක් වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමිලි හැන්ඩ් නමැති මේ 9 හැවිරිදි දැරිය හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා සිට පෙරේදා දක්වා දින 50ක කාලයක් ප්‍රාණ ඇපකාරිනියක ලෙස අත්අඩංගුවේ පසු වූ අතර, පසුගිය සිකුරාදා නිදහස ලැබූ බව වැඩිදුරටත් වාර්තා වේ.

නිදහස ලැබූ දිනයේදීම ඇගේ 9 වැනි උපන් දිනය යෙදී තිබූ බවත්, එදින හමාස් සංවිධානය විසින් නිදහස් කරනු ලැබූ ඊශ්‍රායල ජාතිකයන් 13 දෙනා අතුරින් ඇය කෙරෙහි කාගෙත් අවධානය යොමු වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එදින ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හරහා නිදහස ලැබූ ප්‍රාණ ඇපකරුවන්ගෙන් 6 දෙනකු කාන්තාවන් වූ අතර, 7 දෙනකු කුඩා දරුවන් වූ බවත් වාර්තා වේ. ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය නිදහස් කරනු ලැබු පලස්තීන සිරකරුවන් අතර කාන්තාවන් 6 දෙනකු සහ යොවුන් වියේ පසුවන දරුවන් 33 දෙනකු වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x