counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


ළමුන් මැලේසියාවට යැවීමේ ජාවාරමක් 

මෙරට ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ළමා ආරක්ෂණ අධිකාරිය කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අද (27) පෙරවරුවේ ඊට අදාළ උපදෙස් එම ආයතනය වෙත ලබා දුන් බවයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

මෙරට ළමයින් මැලේසියාව හරහා වෙනත් රටවලට යවන ජාවාරමේ දී එම දරුවන්ගේ දෙමාව්පියන් විසින් අතරමැදියන්ට රුපියල් ලක්ෂ 75ක මුදලක් ලබා දී ඇති බවට මීට පෙර අනාවරණය වුණා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් දීර්ඝ කාලයක සිට සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම තොරතුරු අනාවරණ වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මේ දක්වා මෙලෙස විදෙස් රටවලට යැවූ ළමුන් සංඛ්‍යාව 13 දෙනෙකු බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x