counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


රාජ්‍ය සේවකයින්ට වැඩි කළ දස දහසෙන් පන්දහසක් ජනවාරියේ සිට

රාජ්‍ය සේවකයින් සඳහා 2024 අයවැයෙන් යෝජනා කළ රුපියල් දස දහසක වැටුප් වැඩිවීමෙන්, රුපියල් පන්දහසක් ජනවාරි මාසයේ සිට ලබාදීමට අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා අද (25) මේ බව සඳහන් කළා.

ඒ අනුව ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මෙලෙස රුපියල් පන්දහසක් ලබාදීමට අවධානය යොමුව ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා මසකට රුපියල් ලක්ෂ හැට පන්දහසක් අවශ්‍යවන බවයි සඳහන් කළේ.

එමෙන්ම විශ්‍රාමිකයන් සඳහා 2024 අයවැයෙන් යෝජනා කළ රුපියල් 2,500ක වැඩිවීම ද ජනවාරියේ සිට ලබාදීමට යෝජනා වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඒ, සඳහා ද මසකර රුපියල් ලක්ෂ දහ අටදහසක මුදලක් අවශ්‍ය බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

2024 අයවැයෙන් රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් යෝජනා කළ අතර, එය 2024 අප්‍රේල් මාසයේ සිට ලබාදීමටයි රජයේ අවදානය යොමුව තිබුණේ

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x