counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු දරුවන් 5 දෙනෙකුට

මෙවර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඊයේ(16) මධ්‍යම රාත්‍රියේ දී නිකුත් වුණා.

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුයේ ඔක්තෝම්බර් 15 වනදා වන අතර, එයට දරුවන් තුන් ලක්ෂ තිස් දෙදාස් නමසිය හතළිස් නමයක් (332,949) ඉදිරිපත් වී ඇති බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමයන්ත පවසනවා.

ඉන් දරුවන් 5664ක් කඩඉම් ලකුණු ලබා ගෙන ඇති බව ඔහු සඳහන් කළා.

මෙවර කඩඉම් ලකුණු සීමාව ඉක්මවා ගිය දරුවන්ගේ ප්‍රතිශතය 15.22% බවයි වාර්තා වන්නේ.

ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලබාගත් පළමු 5 දෙනා ලකුණු 198ක් ලබා ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

එම දරුවන්ගේ පාසල් ගොතමී කනිෂ්ඨ විද්‍යාලය ගම්පහ , සුමේද විද්‍යාලය ගම්පහ, මහබෙලන ප්‍රථමික විද්‍යාලය කළුතර , ශාන්ත ජොසප් විද්‍යාලය අනුරාධපුර , විහාර මහා දේවි විද්‍යාලය බදුල්ල ‍යන  බව ඔහු සඳහන් කළා.

ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 197ක් ලබාගත් දරුවන් 4 දෙනෙක් හා ලකුණු 196ක් දරුවන් 8 දෙනෙකු ලබා ගෙන තිබෙනවා.

මොකද හිතෙන්නෙ....
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x