counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


රතුපාට රෝස්ට් චිකන් කන්නෙ බලාගෙන

විවිධ වර්ණක යොදා දීප්තිමත් ප්‍රියමනාප තත්ත්වයට පත් කර ඇති බිරියානි වර්ග, ප්‍රයිඩ් රයිස් සහ මස් වර්ග වැනි ආහාර ශරීරයට හානිකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මෙම වර්ණක නියමිත ප්‍රමාණයට යොදා තිබෙනවා ද එසේ නොමැති නම් වැඩි මාත්‍රාවක් යොදා ඇත්ද යන්න සෙවීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය රසායනාගාර පරීක්ෂණයක් කළ යුතු බව එම සංගමයේ භාණ්ඩාගාරික රෝෂණ කුමාර ප්‍රකාශ කළේය.

වෙළඳපොළේ දක්නට ලැබෙන වර්ණක භාවිත කළ යුතු ප්‍රමාණය පිළිබඳව ආහාර පනතේ නියාමනය කිරීම සඳහා වගන්තිද ඇතුළත් කර ඇත.

එසේ වුවද අධික ලෙස මෙවැනි වර්ණ යොදා ගනිමින් රෝස්ට් චිකන් බුරියානි සකස් කිරීම සහ ප්‍රයිඩ් රයිස් වර්ග සැකසීම සඳහා මෙම වර්ණ බහුලවම භාවිත කිරීම ආහාර වෙළඳසැල් ආශ්‍රිතව දක්නට ලැබෙයි.

මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු අතර අවශ්‍ය නීති රීති ආහාර පාලන ඒකකයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර සුරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධනගෙන් විමසූවිට ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා අවශ්‍ය නීති රීති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර සුරක්ෂණ ඒකකය සතුව පවතින බවය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x