counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනු කළ පෙත්සමට අද ලබා දුන් තීන්දුව

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනුකළ පෙත්සම සම්බන්ධයෙන් වූ නියෝගය අද (17) ලබා දී තිබෙනවා.

ඒ අනුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට නොගන්නා ලෙසත්, දිවයිනට පැමිණ පැය 48ක් තුල රහස් පොලිසියේ ඩිජිටල් වෝහාරික අංශයට ප්‍රකාශයක් ලබාදිය යුතු බවටත් අභියාචනාධිකරණයෙන් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රසිද්ධ දේශනයකදී කළ ප්‍රකාශයක් මගින් බුදුදහමට අපහාසයක් සිදුකළේ යැයි චෝදනා කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සහය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු පෙත්සමක් ගොනුකර තිබුණා.

අප වාර්තාකරු සඳහන් කර සිටියේ එම පෙත්සම සළකා බැලූ අභියචානාධිකරණ අදාළ නියෝගය ලබා දී ඇති බවයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x