counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


අමාත්‍ය කාංචන විජේසේකරගෙන් විශේෂ අනාවරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති වී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලය පවරා ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර අද (17) පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එම කමිටුව ICCයෙන් රැස්වීමක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
”මම රොෂාන් රණසිංහ මැතිතුමාට කිසිම විරුද්ධත්වයක් නැහැ.එකේ සංයුතිය වෙනස් විය යුතුයි. නමුත් ඒ පනතක් විදියට, නීතියෙන්, උසාවියෙන් ගිහිල්ලා තමයි ඒ වෙනස කරන්න වුණේ. ඊයේ දවසේදී ජනාධිපතිවරයා ජේෂා කියන, ඉන්දියාවේ ඉන්න කෙනාට කතා කරා දුරකථන ඇමතුමෙන්. ඒකට හේතුව, අද මේක ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. ජේ ෂාගේ තාත්තා තමයි, අම්රිස්සා. මෝදි ඇමතිතුමාගේ දකුණු අත කියලයි කියන්නේ. දැන් මේක දේශපාලන අර්බුදයක් විතරක් නෙමෙයි, ජාත්‍යන්තර අර්බුදයක් සහ ක්‍රිකට් අර්බුදයකටත් වඩා එහාට ගියා මේ ප්‍රශ්නය. දේශපාලන වශයෙන් මේකෙන් වාසියක් ගන්න සමහර අය උත්සාහ කරනවා”

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x