counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


ශිෂ්‍යත්වය ගැන විශේෂ හෙළිදරව්වක්

පසුගිය වසර හා සැසදීමේ දී මෙවර ශිෂ්‍යත්වය තුළින් දරුවන්ගේ සාධන මට්ටම ඉහළ ගොස් ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා පැවසුවේ, කඩයිම් ලකුණ ඉහළ ගොස් ඇත්තේ‍, දරුවන්ගේ සාධනය ඉහළ යෑම නිසා යනුවෙනි.

ඒ අනුව පසුගිය වසර දෙකටම වඩා මෙවර ශිෂ්‍යත්ව දරුවන්ගේ යම් ප්‍රගතියක් වාර්තා වන බවත් පැවසු විභාග කොමසාරිස්වරයා, මෙය සාධනීය තත්ත්වයක් බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රතිඵලය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි දරුවෙක් සිටී නම් විදුහල්පතිවරයා විසින් ඒ පිළිබඳ අභියාචනා ඉදිරිපත් කළ හැකි බවත් පැවසු විභාග කොමසාරිස්වරයා, මෙවර අභියාචනා භාරගැනීමේ යම් වෙනසක් සිදුකර ඇතැයි ද පැවසීය.

ඒ අනුව අභියාචනා භාරගැනීම නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4 වනදා දක්වා මෙම මාර්ගගත පද්ධතිය විවෘත කිරීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය‍.

ඒ අනුව අභියාචනා සලකා බලා ඉතා ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද විභාග කොමසාරිස්වරයා පැවසීය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x