counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


ලංකාවට න්‍යෂ්ටික විදුලි බලාගාරයක්

2032 වන විට මෙරටට අඛණ්ඩ විදුලි බල සැපයුමක් සඳහා පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා පවසයි.

මෙරට න්‍යෂ්ටික බලශක්ති නීතිය සකස් කිරීම සඳහා දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයේ නිලධාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය. 

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන අධිකාරියේ දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලංකාවට න්‍යාෂ්ටික බලාගාරයකින් විදුලිය සැපයුම ලබාගැනීමට හැකියාවක් නොමැත. 

ඒ අනුව පළමුවෙන් සිදුකළ යුතු වන්නේ අදාළ නීතිය වෙනස් කිරීම සඳහා කෙටුම්පත් සකස් කිරීම ය. 

ඒ සඳහා සහායවීමට ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනයේ නීති කටයුතු කාර්යාලයේ න්‍යෂ්ටික සහ ගිවිසුම් නීති අංශයේ ප්‍රධානි ඇන්තනි වෙදෙරෝල් ඇතුළු නියෝජිතයින් සිව්දෙනෙකු පසුගියදා දිවයිනට පැමිණියහ. 

කොළඹ වරාය නගරය, සැහැල්ලු දුම්රිය ඇතුළු රට තුළ ක්‍රියාත්මක නව ව්‍යාපෘති සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් අවශ්‍ය වෙයි.

ඊට යෝග්‍යම ප්‍රබවය වන්නේ න්‍යෂ්ටික විදුලි සැපයුම බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා පැවසීය. 

ඔහු පැවසුවේ ඒ අනුව මෙගාවොට් 400ක පමණ පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක් කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බවයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x