දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනුකළ පෙත්සම සම්බන්ධයෙන් වූ නියෝගය අද (17) ලබා දී තිබෙනවා.
ඒ අනුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට නොගන්නා ලෙසත්, දිවයිනට පැමිණ පැය 48ක් තුල රහස් පොලිසියේ ඩිජිටල් වෝහාරික අංශයට ප්‍රකාශයක් ලබාදිය යුතු බවටත් අභියාචනාධිකරණයෙන් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රසිද්ධ දේශනයකදී කළ ප්‍රකාශයක් මගින් බුදුදහමට අපහාසයක් සිදුකළේ යැයි චෝදනා කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සහය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු පෙත්සමක් ගොනුකර තිබුණා.
අප වාර්තාකරු සඳහන් කර සිටියේ එම පෙත්සම සළකා බැලූ අභියචානාධිකරණ අදාළ නියෝගය ලබා දී ඇති බවයි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1