ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අද (17) පැවත්වෙන එරට නව ජනාධිපති මොහොමඩ් මුයිසිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහායි.
ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි. 279 දරණ ගුවන් යානයෙන් ඊයේ (16) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් මාලදිවයින බලා පිටත්ව ගිය බවයි අප වාර්තාකරු පවසා සිටියේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1