කළුතර, හීනටියන්ගල ප්‍රදේශයේ දී පාසල නිම වී නිවස කරා යමින් සිටි පාසල් සිසුවියක් ඊයේ (15) පැහැර ගැනීමකට ලක් ව තිබිණි.
ත්‍රිරෝද රථයකින් පැමිණි අයෙක් එම සිසුවිය බලහත්කාරයෙන් රථයට නංවාගෙන ඇති අතර, එය දුටු ඇය ගේ පාසලේ මිතුරියක් ඇය බේරාගැනීමට උත්සාහ කිරීමේ දී එම සිසුවිය ද ත්‍රිරෝද රථය තුළට නංවාගෙන සැකකරුවන් පළා ගොස් ඇති බව වාර්තා විය.
සිද්ධිය විදුහල්පතිවරයාට ආරංචි වීමෙන් පසු ඔහු ඒ ගැන පොලීසියට දැනුම් දී තිබූ අතර, ඒ අනුව කළුතර දකුණ පොලීසිය වහාම විමර්ශනයක් ආරම්භ කළේය.
එහි දී සිසුවියන් දෙදෙනා කළුතර පොලිස් විද්‍යාලය ආසන්නයට ගෙනවිත් හැරදමා ගොස් සිටිය දී සොයා ගෙන තිබේ.
අනතුරු ව ඔවුන් දෙදෙනා ඊයේ පස්වරුවේ පොලීසිය වෙත රැගෙනවිත් ඇත.
එම ප්‍රදේශයේම පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකු සිසුවියන් දෙදෙනා පැහැරගෙන ගොස් ඇති බවත් පසු ව ඔහු සිසුවියන් දෙදෙනා කිතුලාව, මෙනේරිතැන්න ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් එහි කාන්තාවකට භාර දී ඇති බවත් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.
ඒ අනුව එම සිසුවියන් රඳවා තබා ගත් බව කියන නිවසේ හිමිකාරිය සහ පැහැරගත් සිසුවියන් මඟ දමා ගිය ත්‍රිරෝද රථයේ රියදුරු ඊයේ පස්වරුවේම පොලීසිය වීසින් අත්අඩංගුවට ගෙන ඇත.
පැහැරගැනීම සැලසුම් කළ පාසල් සිසුවා ත්‍රිරෝද රථය තුළ දී සිසුවියන් දෙදෙනාටම පහර දී ඇතැයි ප්‍රකාශ වීම නිසා ඔවුන් දෙදෙනා අද වෛද්‍ය පරීක්ෂණ සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත යොමු කෙරිණි.
අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථයේ රියදුරු සහ කාන්තාව අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ප්‍රදේශයෙන් පළා ගොස් සැඟ ව සිටින 16 හැවිරිදි පාසල් සිසුවා සොයා විමර්ශන ක්‍රියාත්මකයි.