counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


පාසල් ගොඩනැගිලි 74ක් අවදානම්

දිවයින පුරා අවදානම් පාසල් ගොඩනැගිලි 74ක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඒ අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සහ තංගල්ල බාලිකා විද්‍යාලයේ තිබූ අබලන් ගොඩනැගිලි ද හඳුනාගෙන ඒවා ඉවත්කර නව ඉදිකිරීම් කිරීම සිදුකෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.

තම පාසල් වල අබලන් ගොඩනැගිලි ඇත්නම් ඒවා සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසත් සිසුන් එවැනි ගොඩනැගිලි වලින් ඉවත්කර ඔවුන්ගේ ආරක්ෂාව සලසන ලෙසත් විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බව ඔහු කීය.

විශේෂයෙන් ම 2019 සිට වසර 4ක් පාසල් ගොඩනැගිලි අලුත්වැඩියාව සහ නව ඉදිකිරීම් සඳහා රජයෙන් ප්‍රත්පාදන ලබා නොදීම හේතුවෙන් එම තත්ත්වය ඇතිවූ බව ඔහු පැවසීය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (15) වැල්ලම්පිටිය වේරගොඩ, විද්‍යාලයේ පළමු වසරේ දැරියක් එහි ජලකරාම සවිකර තිබූ බැම්මක් පෙරළීමෙන් ඊට යටවී ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඉන් තවත් දරුවන් 5 දෙනෙක් තුවාල ලැබීය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x