counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


චීවරධාරියෙකු නිසා පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබයි

චීවරධාරියෙකු විසින් එල්ලකළ පිහි ප්‍රහාරයකින් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා දෙනියාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙනියාප පොලීසියට අනුයුක්තව සේවය කළ 37 හැවිරිදි වියේ පසුවූ විවාහක පොලිස් කොස්තාපල්වරයෙකි.

සැකකාර චීවරධාරියාගේ සොහොයුරිය සමග තුවාල ලබා ඇති පොලිස් නිලධාරියා සම්බන්ධතාවයක් පවත්වා ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

අද දිනයේ එම නිලධාරියා අදාළ තරුණිය හමුවීමට ඇයගේ නිවසට ගොස් ඇති අවස්ථාවේ චීවරධාරියා ලබාදුන් ඇමතුමකට අනුව පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසළට පැමිණ ඇත.

එම අවස්ථාවේදී සිදුවූ බහින් බස් වීමකින් අනතුරුව චීවරධාරිය සිය ගමන් මල්ලේ සඟවාගෙන පැමිණි පිහියකින් පොලිස් නිලධාරියාගේ ගෙළ ප්‍රදේශයට පහරදී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි වියේ පසුවන සැකකාර චීවරධාරියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දෙනියාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x