counter customizable free hit
28 C
Colombo
Friday, September 20, 2024


කැනඩාවේ සිට මෙරටට එවූ මිලියන 60ක කුෂ්

කැනඩාවේ සිට මෙරටට භාණ්ඩ ආනයනය කළ බහාලුමක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය මස 25 වනදා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මෙම බහාලුම පිළිබඳ ඇති වූ සැකය මත රේගුවේ ආදායම් අධීක්ෂණ බලකාය විසින් එය සිය භාරයට ගෙන තිබුණි. 

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය සමග සිදු කළ පරීක්ෂාවේදී එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් සොයා ගැනුණි. 

එම තොගයේ වටිනාකම රුපියල් මිලියන 60ක් පමණ වන බව වාර්තා වෙයි.

කැනඩාවේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට මෙම මත්ද්‍රව්‍ය එවා ඇති අතර මෙම පාර්සලයේ අයිතිකරු වෙනුවෙන් පැමිණි නියෝජිතයා මෙලෙස රේගු අත්අඩංගුවට ගන්නා ලදී.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x