විශේෂ කාර්ය බලකාය ඊයේ (15) දින වැල්ලම්පිටිය පොලිස් වසමේ ශ්‍රී ආනන්දාරාම මාවත, කොලොන්නාව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී මත් කරල් 374 ක් හා හෙරොයින් මිලි ග්‍රෑම් 600 ක් සන්තකයේ තබාගෙන සිටි කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 ක කාන්තාවක් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 138,000.00 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ
මෙම කාන්තාව දිගු කලෙක පටන් නිතියෙ ඇසට වැලි ගසමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සුක්ෂමව සිදුකරගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වි ඇති බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1