counter customizable free hit
28 C
Colombo
Saturday, September 21, 2024


දුම්රිය සේවකයින් 5කගේ වැඩ තහනම්

අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානභාර නිලධාරීවරයා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දුම්රිය ස්ථානයේ ධාවනාගාරයෙන් ඩීසල් ලීටර් 545ක ප්‍රමාණයක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ඔවුන්ගේ වැඩ තහනම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ ඩබ්ලිව් බණ්ඩාර සඳහන් කළේය.

පසුගිය සැප්තැම්බර් මස 19 වනදා මෙම ඩීසල් සොරකම සිදුව ඇති අතර මේ පිළිබඳ සොයාබැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබුණි.

අදාළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාව සැළකිල්ලට ගනිමින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානභාර නිලධාරීවරයා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

ඩිසල් සොරකම් සම්බන්ධයෙන් වන විමර්ශන සම්පුර්ණයෙන් අවසන් වන තෙක් ඔවුන්ගේ වැඩතහනම් වන අතර අනුරාධපුර පොලීසිය මඟින් ද මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x