counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


කාන්තා මළ සිරුරක් වැවකින් හමුවෙයි

වව්නියාව තරණිකුලම ගම්මානය ආසන්නයේ පවතින කුරිසුට්ටකුලම වැවේ තිබි කාන්තා මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පවසයි.

මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, දේහය අවුරුදු 20 – 25ත් අතර බවට පොලීසිය සැක පළ කරයි.

පොලීසිය සඳහන් කළේ මීට දින කිහිපයකට පමණ පෙර මියගොස් ඇතැයි සිතිය හැකි අතර කොණ්ඩය තරමක් දිගට වවා ඇති බවයි.

මුහුණ හඳුනාගත නොහැකි පරිදි විකෘති වී ඇති අතර රතු පැහැති ගවුමක් හැඳ සිටින බව ද පොලීසිය සඳහන් කළේය.

ප්‍රදේශවාසීන් මළ සිරුර දැක අනතුරුව පොලීසිය දැනුවත් කොට ඇති අතර, මළ සිරුරේ අත් හා පාදයක් නොමැති බව නිරීක්ෂණය වන බවද ප්‍රදේශවාසීහූ පැවසූහ.

මළ සිරුර නරක්ව ඇති අතර, ශරීර කොටස් සතුන් ආහාරයට ගෙන ඇත්ද? නැතිනම් කපා දමා ඇතිද? යන්න සම්බන්ධයෙන් සැකයක් පවතී.

සිද්ධිය වූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වව්නියාව මහ රෝහල් මෘත ශරීරාගාරයට යොමුකළ බවද පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x