counter customizable free hit
30 C
Colombo
Saturday, September 21, 2024


අයවැය ඉලක්ක සපුරා ගැනීම අභියෝගාත්මකයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 13 වනදා ඉදිරිපත් කළ 2024 අයවැය යෝජනාවලියේ සඳහන් ඉලක්ක සපුරාගැනීම අභියෝගාත්මක බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි. 

බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා වෙන් කළ රුපියල් බිලියන 450ක ප්‍රතිපාදනය නොමැතිව වුවද 2024 දී අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 7.1%ක් වියහැකි බවට කර ඇති ඇස්තමේන්තුව වෙනස් විය හැකි බවද ෆිච් රේටින්ග්ස් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ නව දත්ත අනුව පෙනීයන්නේ එය තවත් වැඩිවිය හැකි බවයි. 

බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා වෙන්කළ රුපියල් බිලියන 450 සමගින් 2024දී ශ්‍රී ලංකාවේ අයවැය පරතරය 9.1% වියහැකි බවට අයවැය යෝජනාවලියේ සඳහන් විය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 330ක විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි කොටස සම්බන්ධයෙන් ද ෆිච් අදහස් දක්වා තිබේ.

එහි දැක්වෙන්නේ එය තීරණය වන්නේ නිල ණය හිමියන්ගේ ප්‍රතිචාර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමාලෝචනය කිරීමෙන් පසුව බවයි.

නමුත් මෙරට විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ කාලරාමුව අවිනිශ්චිත බව ෆිච් රේටින්ග්ස් ආයතනය පැවසීය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x