counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


2024 අය-වැය අද

රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කගේ වැටුප් වැඩිවීම ඇතුළු රටේ සමස්ත ජනතාවට සහන හා ප්‍රතිලාභ අපේක්ෂිත 2024 වසර සඳහා වන අය-වැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) දහවල් 12.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. 2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් ‘අය-වැය කථාව’ ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු, දෙවන වර කියැවීමේ විවාදය හෙට (14) ආරම්භ වේ.

14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 07ක් විසර්ජන පනත් කෙටුම්පත (අය වැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර අය-වැය දෙවන වර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීම 21 වැනි අඟහරුවාදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත වේ.

ඉන් පසුව අය-වැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අය-වැය පිළිබඳ තෙවන වර කියැවීම 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර දින 19ක් පැවැත්වීමට නියමිතය. මේ අනුව 2024 මූල්‍ය වර්ෂය සඳහා වන අය-වැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

අය-වැය විවාද කාල සීමාව තුළ සෑම දිනකම පෙරවරු 9.30 සිට පස්වරු 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන්හි හැර අ‍න් සෑම දිනකම පස්වරු 6.00 සිට ප.ව 6.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.

2024 සඳහා වන අය-වැය ඉදිරිපත් කරන අද (13) දිනයේ දී පාර්ලිමේන්තුව තුළ හා ඒ අවට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක්ද යොදා ඇත.

අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අද (13) දිනයේ දී මහජන ගැලරිය රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් සඳහා පමණක් සීමා කර ඇත. එමෙන්ම පාර්ලිමේන්තු රථගාල අද දිනයේ දී වසා තබන බැවින්, මන්ත්‍රීවරුන් පැමි‍ණෙන වාහන අදාළ රථගාල් වෙත යොමු කිරීම සඳහා වැඩපිළිවෙළක්ද සැලසුම් කර ඇත. මෙදින පාර්ලිමේන්තුවට පැමි‍ණීමේ දී, හැකිතාක් දුරට රියැදුරෙකු කැටුව පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම, තම රථය පදවාගෙන එන්නේ නම්, එම මන්ත්‍රීවරුන්ගේ වාහන නියමිත රථගාල වෙත ධාවනය කර ගාල් කරවීම පිණිස මන්ත්‍රී පිවිසුමෙහි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් රියැදුරන් එම සේවාවේ යොදවා ඇත.

මේ අතර අය වැය අවසන් අදියර සකස් කිරීමේ කටයුතු සහ ඉදිරිපත් කිරීම පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී පෙරේදා (12) පැවැත්වුණු අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මධුශංක දිසානායක යන මහත්වරු ඊට එක්ව සිටියහ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x